27 C
Galle

මොරටුවේ ගින්නකින් සරසවි සිසුවියක් මරුට

Published:

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක අද (04) රාත්‍රී ඇති වූ ගින්නකින් විශ්වවිද්‍යාල සිසුවියක මියගොස් ඇතැයි මොරටුව පොලිසිය පවසයි.

නිවාස සංකීර්ණයේ තුන්වැනි මහළේ පිහිටි නිවසක මෙම ගින්න ඇති වී තිබේ. මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දැමූ පසු පිළිස්සී මියගිය සිසුවියගේ සිරුර හමුවී තිබේ.

මෙම සිසුවිය තම සිරුරට ගිනි තබාගැනීම හේතුවෙන් නිවසේ ගින්න ඇතිවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

Related articles

spot_img
error: Content is protected !!