25.7 C
Galle

මුහුදේ සිටින මඩුවන් ගුවනේ පියඹන සොඳුරු දසුනක් (වීඩි‍යෝ)

Published:

ජලයේ වෙසෙන මඩුවන් ගුවනේ පියඹා යනු බොහෝ දෙනකු දැක නැත. කුරුල්ලකු මෙන් දිය රැල්ලෙන් ඉහළට පැමිණ මද දුරක් පියඹා යාමේ අපූරු හැකියාවකින් යුතු මේ සතුන්ගේ එම විශ්මය ජනක ගුවන් සංදර්ශනය දක්නට ලැබීම අතිශය දුෂ්කර කරුණකි.

කාටිලේජීය සත්ත්ව විශේෂයක්වන මඩුවන් දියේ දී ද තම සංචරණය කරන්නේ කුරුල්ලෙකු පියඹා යන ස්වභාවයෙනි. මේ ආකාරයෙන් ම ඔවුන් ජලයෙන් ඉහළට පැමිණ ගුවනේ පියඹා යාමට සමත්කමක් දක්වයි.

අඩි හයක් පමණ පියඹා යාමේ හැකියාවෙන් යුතු මොවුන් තත්ත්පර කිහිපයක් වාතයේ රැඳී සිටිය ද නැවත මුහුදට වැටේ. නමුත් එය එතරම් සුන්දර පතිතවීමක් නොවේ. පැතලි සිරු මහ හඬින් ජල පෘෂ්ඨයේ ගැටේ.

මෙම දුර්ලභ දර්ශනය පහතින් දැක්වේ.

Related articles

Recent articles

error: Content is protected !!