25.7 C
Galle

මත්ද්‍රව්‍ය සමඟ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Published:

පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් හෙරොයින් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ඔහු කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බවත් පොලිසිය පවසයි.

යතුරුපැදියකින් ගමන්කරමින් සිටි මෙම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 04යි. මිලි ග්‍රෑම් 500ක් තිබූ බවයි. පොලිසිය පවසන්නේ මෙම සැකකරු මීට පෙර ද මත්කුඩු සමඟ අත්අඩංගුවට පත්ව ඇති බවයි.

වැඩිදුර විමර්ශන සඳහා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය විසින් පුත්තලම පොලිසියට භාර දී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!