28.9 C
Galle

දෙමටගොඩින් තවත් ආසාදිතයන් 15ක්. ඉන්දීය ප්‍රභේදය ම දැයි සෙවීමට පරීක්ෂණ

Published:

වේගවත් ව්‍යාප්තියක් සහිත ඉන්දීය කොරෝනා ප්‍රභේදය වාර්තා වූ දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 15 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම 15 දෙනාට ද ආසාදනය වී ඇත්තේ එම ඉන්දීය කොරෝනා ප්‍රභේදය ද යන්න සොයාබැලීම සඳහා ඔවුන්ගේ ජෛව සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමුකර තිබේ.

මෙම අවදානම හේතුවෙන් දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයේ පුද්ගලයන් සඳහා කොරෝනා මර්ධන එන්නත්කරණ කටයුතු අද (19) ආරම්භ කෙරිණි.

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වේදඥ වෛද්‍ය දිනූකා ගුරුගේ පවසන්නේ මේ ප්‍රදේශයෙන් ඉන්දීය ප්‍රභේදය හමුවී තිබීම නිසා නිරෝධායනය නොවූ සියලුම වතුවලට කොවිඩ් එන්නත ලබාදීමට සැළසුම් කර ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!