26.8 C
Galle

ගෑස් මිල වැඩි නොකිරීමට තීරණයක්

Published:

ගෑස් මිල ඉහළ දැමීම නොකළ යුතුයැයි ගෑස් මිල සංශෝධනය පිළිබඳ සොයා බැලීමට පත්කළ අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබේ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දමන ලෙස මෙරට ගෑස් සැපයුම් සමාගම්වන ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් කර ඇති ඉල්ලීම සළකා බැලීම සඳහා එම අමාත්‍ය අනුකමිටුව අද (21) උදෑසන රැස්වී තිබේ. එහි දී ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 670.00කින් ඉහළ දැමිය යුතු බවට ලි‍ට්රෝ සමාගම ඉල්ලීම් කර තිබූ අතර ලාෆ්ස් සමාගම විසින් රුපියල් 575.00ක මිල වැඩිවීමක් ඉල්ලා තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!