28.3 C
Galle

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මාදිවෙලින් හමුවෙයි ?

Published:

ඉන්දියාවේ පැතිරගිය කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසදනය වූ පුද්ගලයකු මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ‍හේමන්ත හේරත් වැඩිදුරටත් කියා සිටියේ මොහුගේ ජෛව සාම්පල පරීක්ෂණයේ යම් වෙනසක් තිබෙන බව පර්යේෂණාගාරයෙන් පවසා ඇති බවයි. එබැවින් එම සාම්පල වැඩදුර පරීක්ෂා කිරීම සඳහා යොමුකර ඇති බව ද වෛද්‍ය හේරත් කීවේය.

රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Related articles

spot_img
error: Content is protected !!