28.3 C
Galle

රෝගීන් වැඩිවුණොත් සිදුවන දේ මෙන්න

Published:

දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුවහොත් ඉදිරියේ දී නැවත දැඩි සංචරණ සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මේ වනවිටත් දෛනිකව ආසාදිතයන් 2,000ත් 2,200ත් අතර ප්‍රමාණයක් වාර්තාවනවා. මේ නිසා සංචරණ සීමා දැඩිව පිළිපැදිය යුතුයි. අපි පසුගිය දින කිහිපයේ දී දැක්වා ජනතාව මේ සංචරණ සීමා නොතකා වැඩ කරනවා. එසේ කළොත් අපිට දැඩි සේ සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට සිදුවනවා. මෙතෙක් පනවා තිබූ සංචරණ සීමාවල ප්‍රතිඵල විශ්ලේෂණය කරනවා.”

ඔහු පවසන්නේ දැනට ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වූ දෙමටගොඩ ප්‍රදේශයෙන් සහ මාදිවෙල ප්‍රදේශයෙන් මෙතෙක් එම ප්‍රභේදය ආසාදනය වූ වෙනත් පුද්ගලයන් වාර්තා වී නොමැති බවයි.  

Related articles

spot_img
error: Content is protected !!