27 C
Galle

සුදු වෑන් එකකින් පැමිණි පිරිසක් අසේල සම්පත් පැහැරගෙන ගිහින්

Published:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව කියමින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් 20 දෙනකු පමණ පැමිණ මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් පැහැරගෙන ගිය බව ඔහුගේ දියණිය චෝදනා කරයි.

ඇය පවසන්නේ මේ පිළිබඳ පොලිසියට ද පැමිණිල්ලක් යොමුකළ බවයි.

NE 0833 අංක දරණ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි මෙම පිරිස අතර නිල ඇඳුමින් සැරසුණු කිසිවෙකුත් නොසිටි බවත්, ඔවුන් සෝදිසි වරෙන්තුවක් හෝ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් හෝ නොපෙන්වූ බව ද ඇය පවසා සිටියි.

ඇය සමාජ මාධ්‍යයට මුදාහරින ලද වීඩියෝව

https://web.facebook.com/100004504023109/videos/1964167167076732/

Related articles

spot_img
error: Content is protected !!