28.3 C
Galle

ගාල්ලේ නිවසක මියගිය මාස 04ක් වයසැති ළදරුවකුටත් කොරෝනා

Published:

ගාල්ල ‍නිවසක දී අද (27) අළුයම මියගිය මාස 04 වයසැති පිරිමි දරුවකුට කොරෝනා ආසාදනය වී තිබූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු විය.

මෙලෙස  මිය‍ගොස් ඇත්තේ හපුගල නිලදෙණිය රණවිරු රුකමන් මාවතේ නිවසක පදිංචි යුවළකගේ කුළුඳුල් දරුවාය. මෙම දරුවා උපතින් ම අක්මා රෝගයකින් පීඩාවිඳි අයෙකි. පසුගිය ජුනි 20 වැනි දා ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට රාගම ශික්ෂණ රෝහලට ද දරුවා කැටුව ගොස් ඇති බව දෙමාපියෝ කියති.

අද අළුයම දරුවා මියයාමෙන් පසු දේහය කරාපිටිය ශික්ෂණ රෝහල ගෙනගොස් පීසීආර් පරීක්ෂණය සිදුකරන ලදී. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ උත්පත්තියෙන් ම ඇති වී තිබූ අක්මා ආබාධය සමඟ කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!