29.4 C
Galle

කරාපිටියේ හෙදිය අහංගම දී දුම්රියේ ගැටී මරුට

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ හෙද නිලධාරිනියක් අද (04) උදෑසන අහංගම දී දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ 06 වාට්ටුවේ සේවය කළ ජනනි හිරුණිකා ධර්මදාස නමැති 50 හැවිරිදි වියේ පසුවූ හෙදියකි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයන් සඳහා මාතර සිට යොදවා ඇති විශේෂ බස් රථයකට ගොඩවීම සඳහා තම සැමියා සහ දරුවා සමඟ ඇය අහංගම නගරයට පැමිණෙමින් සිටිය දී අහංගම දික්කුඹුර මාර්ගයේ දුම්රිය හරස්පාරේ දී මෙම අනතුර සිදුව ඇත.

දුම්රියේ යතුරුපැදිය ගැටීමත් සමඟම පිටුපස යමින් සිටි හෙදිය විසිවී ගොස් අසළ තිබූ බෝක්කු ගැට්ටක හිස වැදී ඇති බවත් සිද්ධිය ඇසින් දුටු පිරිස් කියති. ඇගේ සැමියාට සහ දරුවාට තුවාල සිදුව නැත.

අද (04) උදෑසන ගාල්ල සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී මේ අනතුර සිදුව ඇත්තේ උදෑසන 6.30 පමණ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

spot_img
error: Content is protected !!