අද (13) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 56ක කොටස් මිලදී ගෙන ඇති අතර රුපියල් මිලියන 21ක කොටස් විකුණා තිබේ. ඒ අනුව දිනය අවසානයේ ශුද්ධ ලෙස විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 35ක මුදලක් කොළඹ කොටස් වෙළඳපල තුල ආයෝජනය කර තිබේ.
අද කොටස් වෙළඳපල ගනුදෙනු 26,487ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,232ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 133ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,024ක් ලෙසිනි. සංවෘත කවයේ ගනුදෙනු රුපියල් මිලියන 551කි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ඩිප් ප්රඩක්ට් සමාගම මිලියන 561
- ඇක්සස් ඉංජිනියරින් සමාගම මිලියන 249
- කොමර්ෂල් බැංකුව මිලියන 245
වැඩිම කොටස් ප්රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්රවුන්ස් ඉන්වෙස්මන්ට් සමාගම කොටස් මිලියන 7.9
- ඩිප් ප්රඩක්ට් සමාගම කොටස් මිලියන 7.6
- එල් වි එල් එනර්ජි සමාගම කොටස් මිලියන 5.9
වැඩිම ප්රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ටාජ් හොටෙල් ආර් සමාගම 320%
- එස් එම් බී ලීසින් එක්ස් සමාගම 33%
- ඉංෂුවර් මී සමාගම 24%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 461
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 369
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 344
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 56ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 21ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 35ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 16
- හේමාස් සමාගම රුපියල් මිලියන 12
- හේකාබ් සමාගම රුපියල් මිලියන 11
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩිප් ප්රඩක්ට් සමාගම රුපියල් මිලියන 06
- සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 04
- අමානා බැංකුව රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්ර නාරංගොඩ



