අනුරාධපුර රඹෑව ප්‍රදේශයේදී බස් රථ තුනක් ගැටී සිදුවූ මාරක අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියදුරා අනතුර සිදුවන අවස්ථාවේදී ගංජා සහ මත්පැන් පානය කර සිටි බවට වෛද්‍ය පරීක්ෂණයකදී තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
එම වාර්තාවට අනුව, මියගිය රියදුරුගේ මුත්‍රා සාම්පල පරීක්ෂා කිරීමේදී ඔහු ගංජා සහ මත්පැන් භාවිත කර තිබූ බව හෙළි වී තිබේ.
අනුරාධපුර මිහින්තලය පොලිස් වසමේ මහනුවර – යාපනය ඒ-09 මාර්ගයේ රඹෑව වැලිඔය හන්දිය ආසන්නයේදී පසුගිය 10 වැනිදා උදෑසන මෙම අනතුර සිදුවිය. ශ්‍රී ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පසු ඒ පිටුපසින් පැමිණි පෞද්ගලික බස් රථයක් ද ගැටීමෙන් අනතුර සිදුවූ බව පොලිසිය සඳහන් කර තිබේ.
අනතුරින් ලංගම බස් රථ රියදුරකු සහ කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයෝ සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් මගීන් 76 දෙනකු තුවාල ලබා අනුරාධපුර, මැදවච්චිය සහ මිහින්තලය රෝහල්වලට ඇතුළත් කර තිබිණි.
අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩී.එල්. සමරසිංහ මහත්මිය අනතුර සිදුවූ ස්ථානය නිරීක්ෂණය කර තිබේ. අනතුරට සම්බන්ධ බස් රථ තුනම මෝටර් රථ පරීක්ෂකවරයා ලවා වෙන වෙනම පරීක්ෂා කර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ඇය නියෝග කර ඇත.
එමෙන්ම මියගිය පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කරන ලෙස අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාට දැනුම් දී තිබේ.
අනතුරට හේතුව සහ රියදුරන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.



