30 C
Galle

කොරෝනා මරණ 45ක තොරතුරු නිකුත්කරයි

Published:

කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන් 45 දෙනකු පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03) තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (04) සවස 6.45ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

එම වාර්තාව අනුව පිරිමි පුද්ගලයන් 20ක් සහ කාන්තාවන් 25 දෙනකු මියගොස් ඇත. වයස අවුරුදු 30-59 අතර 10 දෙනකු මියගොස් සිටින අතර ඉන් 07 දෙනකු පිරිමි පුද්ගලයන්ය.

වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් 35 දෙනකුගේ මරණ ඊයේ දිනයේ තහවුරු කර ඇති අතර ඒ අතර පිරිමි 13ක් හා කාන්තාවෝ 22ක් සිටිති.

Related articles

spot_img
error: Content is protected !!