26.7 C
Galle

ගාලු පාරට වැටුණු සරුංගලය මවගේත් දරුවාගේත් දිවි අහිමිකරයි

Published:

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය හරහා වැටී තිබූ කැඩුණු සරුංගලයක නූලක් පැටලීමෙන් සිදුවූ යතුරුපැදි අනතුරකින් මවක් සහ දරුවකු මියගොස් පියා සහ තවත් දරුවකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සුදසිංහ ලියනගේ මේනකා ප්‍රසාදිනී (34) සහ වයස අවුරුදු එකහමාරක් වයසැති හින්දෙණියගේ අනුක රන්දුල නමැති ‍දරුවෙකි. මොවුන් ගිංතොට පියදිගම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

බූස්ස පිටිවැල්ල නාවික හමුදාකඳවුර ආසන්න ප්‍රධාන මාර්ගයේ දී ඊයේ (17) රාත්‍රී මෙම අනතුර සිදුව ඇත.

පොලිසිය පවසන්නේ මාර්ගය හරහා වැටී තිබූ සරුංගලයේ නයිලෝන් නූල යතුරුපැදිකරු විසින් අතින් අල්ලා ඉවත්කිරීමට යාමේ දී මෙම අනතුර සිදුව ඇතැයි අනාවරණය වූ බවයි.

රෝහල් පොලිසිය පවසන්නේ ඔවුන් දෙදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනඒමෙන් පසු මියගිය බවයි.

මියගිය දෙදෙනාගේ හදිසි මරණ පරීක්ෂණ අද (18) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!