27.6 C
Galle

වෛද්‍යවරු 114ක් ජූලි මාසයේ දී ‍මිය ගිහින්

Published:

ඩෙල්ටා ප්‍රභේදය පැතිරීයාමත් සමඟ කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඉන්දුනීසියාවේ වෛද්‍යවරු 114 දෙනකු ගත වූ දින 15ක කාලයේ දී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව කොරෝනා හේතුවෙන් මියගිය එරට වෛද්‍යවරු සංඛ්‍යාව 545ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දුනීසියාවේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ සෞඛ්‍ය සේවකයන්ගෙන් 95% ප්‍රමාණයකට වඩා එන්නත්කර තිබිය දී මෙලෙස මරණ වාර්තාවීම බරපතල ගැටලුවක් බවයි.

මේ වනවිට ඉන්දුනීසියාව පුරා කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර පැතිරීමක් දක්නට ලැබෙයි.

Related articles

spot_img
error: Content is protected !!