27.6 C
Galle

බද්දේගම ඩෙල්ටා ආසාදිතයන්, ඇඟළුම් හළක සේවකයන්ගේ ඥාතීන්

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් සීඝ්‍ර පැතිරීමක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස හඳුනාගෙන ඇත්තේ නයාපාමුල හා තිලකඋදාගම පදිංචි කාන්තාවක් හා පුරුෂයෙකි. මෙම කාන්තාවගේ සැමියාත්, පිරිමි පුද්ගලයාගේ බිරිඳත් එකම ඇඟළුම් කම්හළක සේවය කරන්නන් වීම ද විශේෂත්වයකි.

ඩෙල්ටා ආසාදිත බව හඳුනාගත් කාන්තාවගේ සැමියා සහ දරු දෙදෙනා ද කොරෝනා ආසාදනය වී සිටි අතර ඇගේ රෝග ලක්ෂණ තරමක් වෙනස්වීම හේතුවෙන් ඇගේ ජෛව සාම්පල ඩෙල්ටා පරීක්ෂණ සඳහා ය‍ොමුකර තිබිණි.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පිරිමි පුද්ගලයාගේ බිරිඳට සහ ඔවුන්ගේ දරුවාට සහ මව් පියන්ට ද කොරෝනා ආසාදනය වී තිබේ.

මෙම කර්මාන්තශාලාවෙන් සති කිහිපයක සිට වරින් වර ආසාදිතයන් වාර්තා වූ බව ද සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!