31.1 C
Galle

අතුරුදන්ව සිටි 15 හැවිරිදි දැරිය හමුවෙයි. පැහැරගත් පිය-පුතු අත්අඩංගුවට

Published:

අතුරුදන්ව සිටි බාලවයස්කාර දැරිය තරුණයකු සමඟ ගොස් සිටිය දී සොයාගත් බව මොරටුමුල්ල පොලිසිය පවසයි.

ඇය අපයෝජනය කළ බවට සැකකරන එම තරුණයා සහ ඔහුට ආධාර අනුබල දුන් බවට සැකකරන ඔහුගේ පියා පොලිසිය විසින් අද (24) අත්අඩංගුවට ගෙන ඇත.

15 හැවිරිදි තම මිණිපිරිය නිවසින් අතුරුදන්ව ඇතැයි ඇගේ මිත්තනිය පොලිසියට පැමිණිලි කර තිබිණි. සීසීටීවී දර්ශන පරීක්ෂාකළ විට ඇය තරුණයකු සමඟ යන දර්ශන ලබාගත් පොලිසිය අදාල තරුණායා සහ එම දැරියා සොයාගැනීමට සමත්විය.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැන හැඳිනගත් දෙදෙනා පසුව ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන මෙලෙස දැරිය රැගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණවල දී හෙළි වී ඇත. දැරිය රැගෙන ගිය තරුණයා වයස අවුරුදු 25ක අයෙකි. දැරියගේ මව විදේශගතව සිටින අතර පියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකි.

මෙම දැරිය රැගෙන ගිය තරුණයාගේ පියා (42) බාලවයස්කාර දැරිය පැහැරගෙන විත් අපයෝජනයට ලක්කිරීමට සිය පුතුට ආධාර අනුබල දුන් චෝදනාව යටතේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

පොලිසිය පවසන්නේ එම දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකළ බවයි. සැකකාර පිය පුතු දෙදෙනා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරපිත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!