26.1 C
Galle

කොරෝනා ආසාදිතයන්ගෙන් මෙරට රෝහල් පිරේ. ඔක්සිජන් අවශ්‍ය සංඛ්‍යාවත් ඉහළට

Published:

මේ වනවිට කොරෝනා ආසාදිතයන්ගෙන් මෙරට රෝහල් බොහොමයක් පිරීයමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහ‍ලේ කොරෝනා වාට්ටු සියල්ල ම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාව අවසන් වී ඇත. ජාතික රෝහලේ සිටින කොරෝනා ආසාදිතයන් 250ක් පමණ නේවාසිකව සිටිති.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ද සෑම වාට්ටුවක ම කොරෝනා ආසාදිත යැයි සැක හෝ ආසාදිත බව තහවුරු කරගත් රෝගීන් සිටින අතර අක්මීමණ මැලිබන් රෝහලේ ධාරිතාව ද මේ වනවිට ඉක්මවා ගොස් තිබේ.

ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කියා සිටියේ ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින බවයි.

මේ තත්වය කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලින් කැපී පෙනෙන ලෙස වැඩිවී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මිට පෙර වාර්තා වූ රෝගීන් අතරින් ශව්සන උපකාරක අවශ්‍ය වූ රොගීන් සංඛ්‍යාව 5% පමණ වූ බවත් දැන් එය 10% දක්වා වර්ධනය වී ඇති බවත් හෙතෙම පසයි.

Related articles

Recent articles

error: Content is protected !!