30.5 C
Galle

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව බස්නාහිර ස්ථාන 76ක දී

Published:

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව අද (31) උදේ 8.30 සිට කොළඹ විහාර මහා දේවී උද්‍යානය ඇතුළු බස්නාහිර පළාතේ ස්ථාන 76ක දී ලබාදීමට සැළසුම් කර තිබේ.

විහාර මහා දේවී උද්‍යානයේ ස්ථාපිත කර ඇති එන්නත් මධ්‍යස්ථානය පැය 24 පුරාම ක්‍රියාත්මකව ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ජපානයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට රැගෙන ආ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460ක් මෙලෙස ලබාදීමට නියමිතය.

මෙම එන්නත් ලබාගැනීමට පැමිණීමේ දී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත සහ පළමු මාත්‍රාව ලබාගත් එන්නත් කාඩ්පත රැගෙන ඒම අනිවාර්ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Related articles

spot_img
error: Content is protected !!