32.7 C
Galle

දකුණේ ආසාදිතයන් වැඩි ම වාර්තාව ගත වූ පැය 24 දී

Published:

දකුණු පළාතෙන් අද (04) උදෑසන 9.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 649ක් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙය මෙතෙක් දකුණු පළාතෙන් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි. ඊයේ දිනයේ දී ආසාදිතයන් 609ක් දකු‍ණු පළාතෙන් වාර්තා විය.

ගත වූ පැය 24ක කාලයේ දී වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. ඒ 359කි. මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 169ක් වාර්තා වී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 68 දෙනකු වාර්තා වී තිබේ. තවත් ආසාදිතයන් 10 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වී ඇති අතර රෝහල්වලින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 43කි.   

Related articles

Recent articles

error: Content is protected !!