29.4 C
Galle

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ තවත් භූමිකම්පාවක්

Published:

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ නිකොබාර් දූපත් ආසන්නයේ ඊයේ (05) සවස 6.16ට තවත් භූමිකම්පාවක් සිදුව තිබේ.

මේ ස්ථානයේ දින කිහිපයක සිට දිගින් දිගටම භූමිකම්පා මාලාවක් සිදුවෙමින් පවතින අතර ඊයේ සිදුවූ භූමිකම්පාව රිච්ටර් මාපකයේ ඒකක 5.1ක් ලෙස සටහන්ව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

එම භූමිකම්පාව ද සිදුව ඇත්තේ මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 16.7ක් ගැඹුරිනි. එමගින් සුනාමි අවදානමක් නැත.

කෙසේ වෙතත් දින කිහිපයක සිට මෙම ස්ථානයේ සිදුවන කම්පන මාලාව පිළිබඳ ලෝකය පුරා භූ විද්‍යාඥයෝ දැඩි විමසිල්ලෙන් පසුවෙති.

Related articles

spot_img
error: Content is protected !!