29.4 C
Galle

ජාතික පුවත්තක ආරක්ෂක වාර්තාකරු රෝහලින් පැන යයි. පොලිසිය නිවසේ වහළින් බැස අල්ලාගනී

Published:

ජාතික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී රෝහලෙන් පැනගොස් නිවසේ සැඟවී සිටිය දී වහළෙන් බැස අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරක්ෂක තොරතුරු වාර්තාකරුවෙකි. තලංගම ප්‍රදේශයේ රිචඩ් ද සොයිසා මාධ්‍ය නිවාස සංකීර්ණයේ පදිංචි ඔහු පොලිසිය නිවසට පැමිණෙන අවස්ථාවේ දොර වසා සැඟවී සිටි බව ද පොලිසිය පවසයි. ඔහු නිවසේ ස්ථාවර දුරකථනවල සම්බන්ධතා පවා ඉවත්කර තිබී ඇත.

නිවසේ වහළය මතට නැගුණු පොලිසිය උළු ඉවත්කර නිවසට ඇතුළු වී ඔහු අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පවසන්නේ ඔහු නිවසේ ම තබා ප්‍රතිකාර කරන බවයි. කෙසේ වෙතත් නිරෝධායන පනත යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!