27.6 C
Galle

දෛනික කොරෝනා මරණ 111ක්

Published:

කොරෝනා ආසාදිතව ඊයේ (08) දිනයේ දී ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 111 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5,222ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගොස් ඇති පිරිස අතර කාන්තාවන් 55 දෙනකු සහ පිරිමි පුද්ගලයන් 56ක් ද වාර්තා වෙයි.

ඉන් 90 දෙනකු ම වයස අවුරුදු 90ට වැඩි අය වන අතර වයස අවුරුදු 30-59ත් අතර පසුවූ මියගිය පුද්ගලයන් ගණන 21කි.

දෛනික මරණ සංඛ්‍යාව 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙයයි.

Related articles

spot_img
error: Content is protected !!