27 C
Galle

මාසයක් රට වැසිය යුතුයි. සෞඛ්‍ය බලධාරීන් රජයට කියයි

Published:

වේගයෙන් පැතිර යන කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා අඩුම තරමින් සති හතරක කාලක් නිරෝධායන ඇඳිරිනීතිය යොදා රට වසා දමන ලෙස සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව සහ සිදුවන මරණ සංඛ්‍යාව වැඩිවීම රෝහල් පද්ධතියට දරාගත නොහැකි බැවින් රට තාවකාලිකව වසා දැමීම අත්‍යාවශ්‍ය බව ඔවුන් රජයට දන්වා තිබේ.

ආසාදිතයන් 3,000ක් පමණ දිනකට වාර්තාවන අතර සමාජය තුළ ඊට වඩා කිහිප ගුණයක් වැඩි පුර හඳුනානොගත් ආසාදිතයන් සිටින බව ද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. එමෙන්ම දෛනික මරණ සංඛ්‍යාව ද 100ක් පමණ වීම විශාල ගැටලුවක් බව ඔවුහු පෙන්වාදෙති.

බොහෝ රෝහල්වල වාට්ටු රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර මෘත ශරීරාගාර ද මෘතදේහවලින් පිරී ගොස් පවතී. මේ තත්වය රෝහල් පද්ධතියට දරාගත නොහැකි බැවින් රෝගීන් වාර්තාවීම අවම කිරීමටනම් කඩිනම් ක්‍රියාමාර්ගයක් ලෙස රට වසා දැමිය යුතු බව සෞඛ්‍ය බලධාරීන් රජයට දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!