27 C
Galle

ජනතාවට දෙවියන්ගේම පිහිටයි ? රජය කොරෝනා මර්ධනයේ කොටසක් දෙවියන්ට භාර දෙයි

Published:

නිරෝධායන ඇඳිරිනීතය පැනවීමට රජයේ අදහසක් නැති බවත් එන්නත් කිරිම මේ තත්වය පාලනය කිරීමට ඇති හොඳම විසඳුම බවත් ඉතිරි ටික දෙවියන්ට භාරදෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (10) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කීවේය.

ඔහු පවසන්නේ කොරෝනා ඇඳිරිනීති යොදා රට වසා දැමීම අවසාන විකල්පය බවයි. මේ මොහොතේ නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නේ නැති බවත් නමුත් ලෝකයේ ප්‍රවණතාව සළකා එවැනි පියවරකට නොයනවා ම යැයි කිව නොහැකි බවත් ජනාමාධ්‍ය අමාත්‍යවරයා අද ප්‍රකාශ කළේය.

රජයේ වැඩි අවධානය වන්නේ ජනතාව එන්නත්කරණයට ලක්කිරීම බැවින් සංචරණය සීමාකර, එන්නත්කරණයට ලක්කර අවශ්‍ය පහසුකම්ද ලබාදීමෙන් පසු ඉදිරිය දෙවියන්ට භාරදෙන බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කීයා සිටියේය.  

Related articles

spot_img
error: Content is protected !!