27 C
Galle

ඊයේ දිනයේ දී දිස්ත්‍රික්ක 04කින් ආසාදිතයන් 3,268ක් වාර්තාවෙලා

Published:

ගම්පහ, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක 04න් පමණක් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 3,268ක් වාර්තා වී ඇති බව දැනටමත් සෞඛ්‍ය අංශවලින් නිකුත් කළ වාර්තාවල දැක්වේ.

පෙරේදා (09) වාර්තා වූ රෝගීන් පිළිබඳ ඊයේ (10) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නිවේදනය කළ අතර එම සංඛ්‍යාව සඳහන් වූයේ 2,904ක් ලෙසිනි.

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ තොරතුරු අනුව අද (11) උදෑසන අවසන් වූ පැය 24 දී පමණක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 2,000කි.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (11) දහවල් නිකුත් කළ වාර්තාවට අනුව අද උදෑසන 9.00ට අවසන් වූ පැය 24 දී දකුණේ දිස්ත්‍රික්ක තුනෙන් කොරෝනා ආසාදිතයන් 1,268ක් වාර්තා වී තිබේ.

ඒ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 479ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 445ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 199ක් සහ රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයන් 145ක් වශයෙනි.

මේ අනුව අද (11) සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත්කරන වාර්තාවේ අඩංගුවන ඊයේ (10) වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාවට දැනටමත් 3,268ක් එකතු වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!