27 C
Galle

කොරෝනා නිසා දුම්රිය සේවා අඩපණ වීමේ අවදානමක්

Published:

දුම්රිය පාලක මැදිරියේ ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු කොරෝනා ආසාදිතයැයි තහවුරුවීම හේතුවෙන් දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ ගැටලුවක් පැන නැගී ඇතැයි වාර්තා වේ.

දුම්රිය පාලක මැදිරියේ සේවකයකු කියා සිටියේ දැනට 12 දෙනකු කොරෝනා ආසාදිත වී සිටින බවයි. මේ හේතුවෙන් තවත් සේවකයෝ පිරිසක් නිරෝධායනයට යොමුව සිටිති.

මෙවැනි තත්ත්වයක් මත දිනෙන් දින දුම්රිය සේවකයන් ආසාදිතයින් වීම ඉදිරියේ පොදු ප්‍රවාහන සේවා සැපයීම ගැටලුකාරි තත්ත්වයකට පතවනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් වැඩිදුරටත් සදහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!