26.8 C
Galle

ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ මාණ්ඩලික නිලධාරීන්ගෙන් පමණයි. සෙසු නිලධාරීන් නෑ

Published:

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම අංශවල මාණ්ඩලික නිලධාරීන් හැර සෙසු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ‍ගෙන්වාගැනීම අත්හිටුවන ලෙස උපදෙස් ලබා දී තිබේ.

අද (11) දිනැතිව ජනාධිපති අතිරේක ලේකම් (පාලන හා මෙහෙයුම්) ‍විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බී.එගොඩවෙලේ විසින් එම උපදෙස් ලබාදෙමින් නිකුත්කර ඇති ලිපියේ දැක්වෙන්නේ නැවත දැනුම්‍ දෙන තුරු මෙය ක්‍රියාත්මක බවයි.

රාජකාරී සඳහා වෙනත් කාර්ය මණ්ඩල සේවයට වාර්තා කිරීමට අත්‍යාවශ්‍යම සහ විශේෂිතම වූ අවස්ථාවක් සඳහා නම් පූර්ව අනුමැතිය ලබාගත යුතු බව ද එම ලිපියේ සඳහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!