30.5 C
Galle

“දිනකට ආසාදිතයන් 30,000ක් ඉන්නවා” – ආචාර්ය චන්දිම ජීවන්දර

Published:

ශ්‍රී ලංකාවේ දිනකට වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,000 – 3,500ත් අතර ප්‍රමාණයක් බව නිල සංඛ්‍යාලේඛන පෙන්වාදුන්න ද එම ප්‍රමාණය 30,000ක් පමණ වෙතැයි වෛද්‍ය විශේෂඥයෝ කියති.

මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් ලැබෙන තොරතුරු අනුව එවැනි අනුමානයකට යා හැක බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ‍වෛද්‍ය පීඨයේ ආසාත්මකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විදයා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි.

දිනකට වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාවට වඩා වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකියැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ද මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!