27.6 C
Galle

දුම්රිය දෙපාර්තමේන්තුව කොරෝනා ආකරයක් ? දුම්රිය ගමන් ගැන සාකච්ඡාවක්

Published:

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් විශාල පිරිසක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කීවේය.

අද (19) සවස් වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 597ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) අංශයෙනි. එම අංශනේ ආසාදිතයන් 227 දෙනකු වාර්තා වී ඇත. ගමනා ගමන අධිකාරියෙන් ආසාදිතයන් 127ක්, ප්‍රධාන ඩංිනේරු (ධාවන බල) අංශයෙන් ආසාදිතයන් 70ක්, ප්‍රධාන ඉංජිනේරු (යාන්ත්‍රික) අංශයෙන් ආසාදිතයන් 65ක්, දුම්රිය ආරක්ෂක සේවයෙන් ආසාදිතයන් 30ක්, දුම්රිය මූලස්ථානයෙන් ආසාදිතයන් 29ක්, ප්‍රධාන ඉංජිනේරු (සංඥා හා විදුලි සංදේශ) ආසාදිතයන් 20ක්, ගබඩා අධිකාරී ආසාදිතයන් 17ක්, ප්‍රධාන ගණකාධිකාරී කාර්යාලයෙන් ආසාදිතයන් 07ක් සහ වාණිජ අධිකාරී අංශයෙන් ආසාදිතයන් 05ක් වශයෙන් ඔවුන් වාර්තා වී ඇත.  

දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කියා සිටියේ මේ වනවිට පවතින කොරෝනා අවදානම හේතුවෙන් තවදුරටත් දුම්රිය ධාවනය සිදුකරන ආකාරය පිළිබඳ මේ මොහොතේ ද වැදගත් සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබනෙ බවයි.

Related articles

spot_img
error: Content is protected !!