27.1 C
Galle

දකුණේ දෛනික ආසාදිතයන් 08 වැනි දිනටත් 1,000 ඉක්මවයි

Published:

දකුණු පළාතේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 08 වැනි දිනටත් 1,000 ඉක්මවා යමින් අද (22) උදෑසන 8.00ට අවසන් වූ පැය 24 දී ආසාදිතයන් 1,352ක් වාර්තා වී තිබේ.

මෙම ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාවව 594 දෙනෙකි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 377ක් වාර්තා වී ඇති අතර මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 317කි. දකුණු පළාත් තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 1,288ක් ම සාමාන්‍ය ජන සමාජයෙන් වාර්තා වී ඇති බවයි. රෝහල්වලින් වාර්තා වූ ආසාදිතයන් ගණන 64 දෙනෙකි.

Related articles

spot_img
error: Content is protected !!