26.9 C
Galle

එන්නත්වලටත් මර්ධනය නොවන කොරෝනා විකෘතිය ශ්‍රී ලංකාවේ තිබේදැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කරයි

Published:

මෙතෙක් භාවිතාවන එන්නත්වලින් ද පාලනය කළ නොහැකි නව කොරෝනා විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද පැමිණ ඇතැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මේ බව ප්‍රකාශ කළේය.

C.1.2 ලෙස නම්කර ඇති මේ විකෘති ප්‍රභේදය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැතැයි ද නමුත් ඒ පිළිබඳ නිරන්තරව සොයා බලමින් අවධානයෙන් සිටින බව ආචාර්යවරයා කීවේය.

එම විකෘති ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් පළමු වරට සොයාගැනීමෙන් පසු මේ වනවිට එංගලන්තය, චීනය, නවසීලන්තය, පෘතුගාලය, කොංගෝ, මොරිසස් සහ ස්විට්සර්ලන්තය යන රවලින් ද සොයාගෙන තිබිණි. ඩෙල්ටා ප්‍රභේදයට වඩා ‍කොපමණ ප්‍රමාණවත් ද යන්න පිළිබඳව දැනටමත් පර්යේෂණ ආරම්භ වී තිබේ.

පර්යේෂකයන් පවසන්නේ මුලින්ම චීනයේ වූහාන් ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ප්‍රභේදයට වඩා ‍මේ ප්‍රභේදයේ විකෘතිතාව 41.8% බව ද හඳුනාගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!