26.9 C
Galle

මැති ඇමැතිවරු 27කට කොරෝනා. පවුල් පිටින් ආසාදිතයි

Published:

කොරෝනා ආසාදනය වූ මැති ඇමැතිවරු සංඛ්‍යාව මේ වනවිට 27ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද තවත් මන්ත්‍රීවරු 80ක් නිරෝදායනය කළ බව ද පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.

කොරෝනා ආසාදනය වූ මැති ඇමැති ලේඛනයට අල‍ුතෙන් ම එක්වූයේ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සුළු අපනයන භෝග රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යන අයයි.

කොරෝනා ආසාදනය වූ මන්ත්‍රීවරුන්ගේ සහ ඇමැතිවරුන්ගේ බිරින්දෑවරුද, දරුවෝ සහ පුද්ගලික කාර්යා මණ්ඩලය ද කොරෝනා ආසාදනය වූ බව වාර්තාවිය.

පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසන්නේ මන්ත්‍රීවරුන්ගෙන් 95% ට වැඩි පිපරිසක් කොරෝනා මර්ධන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවයි.

මැති ඇමතිවරුන්ට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවට අනුයුක්ත පොලිසියේ කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව ද 30කට ආසන්නය.

Related articles

spot_img
error: Content is protected !!