31.6 C
Galle

“තව සති දෙකක්වත් රට වසා තැබිය යුතුයි”- සුදර්ශනී

Published:

නිරෝධායන ඇඳිරිනීතිය තවත් සති දෙකකින් පමණ දීර්ඝ කළ යුතු බව තම පුද්ගලික මතය යැයි කො‍රෝනා මර්ධනය පිළිබඳ රාජ්‍ය ඇමති විශේෂඥ වෙද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

ඇය පවසන්නේ මේ වනවිට දිනකට ආසන්න වශයෙන් කොරෝනා ආසාදිතයන් 5,000කට කිට්ටු සංඛ්‍යාවක් සොයා ගන්නා විට සමාජයේ සොයානොගන්නා ආසාදිතයන් 50,000ක් පමණ සිටින බවයි.

සංචරණ සීමා සහ නිරෝධායනය ඇඳිරිනීතිය පනවා තිබුණ ද කොරෝනා මරණවල අඩුවක් නොමැති බැවින් තවදුරටත් සංචරණ සීමා පවත්වාගෙන යාම අවශ්‍ය බව ද ඇය පවසයි. මේ වනවිට පවුල් පිටින් කොරෝනා ආසාදනය වීමත් රෝග ලක්ෂණ නොමැති අය සමාජයේ සිටීමත් ඉතාමත් භයානක තත්වයක් බව ද ඇය පවසන්නීය.

රට දිගමට ලොක්ඩවුන් තත්වයෙන් පවත්වාගෙන යා නොහැකි බැවින් හැකි ඉක්මණින් මේ අර්බුදයෙන් ගොඩඒමට නම් ජනාතව සෞඛ්‍ය ආරක්ෂිතව සිටිය යුතු යැයි ද ඇය පවසියි.

Related articles

spot_img
error: Content is protected !!