26.9 C
Galle

අක්කයි මල්ලියි කොරෝනා ආසාදිතව නිවසේ දී ම මියයති

Published:

පූගොඩ, යකඹේ නිවසක පදිංචි දෙදෙනකු කොරෝනා ආසාදිතව නිවස තුළම මියගොස් සිටිය දී අද (03) සොයාගත් බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි අවිවාහක ඇඟළුම් සේවිකාවක් සහ 38 හැවිරිදි ඇගේ සහෝදරයාය. ඔහු ත්‍රී රෝද රථ රියදුරෙකි.

මේ දෙදෙනාගේ මෘත දේහ වතුපිටිවල රෝහලට ගෙනගොස් කරන ලදී පරීක්ෂණයකින් ඔවුන් කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන තිබිණි.

නිවස ආසන්නයේ පදිංචි ඔවුන්ගේ ඥාතියකු කියා සිටියේ දෙදෙනාගේම උදරයේ වේදනාවක් ඇති බව ඊයේ (02) රාත්‍රියේ තමන්ට දැනුම් දුන් බවයි. ඒ සඳහා අවශ්‍ය ඖෂධ කිහිපයක් ද රැගෙන නිවසට යන විට දෙදෙනාම මියගොස් සිටිනු දැකිය හැකි වූ බව ද ඔහු පවසයි.

Related articles

spot_img
error: Content is protected !!