27 C
Galle

බීමත්ව අනතුරට ලක්වූ පොලිස් නිලධාරියා කරාපිටිය රෝහලේ දී යකා නටයි

Published:

බීමතින් අනතුරට ලක්වූ ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිසියක නිලධාරියකු ඊයේ (09) කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කළ විට වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ රාජකාරියට පවා හිරිහැරවන ආකාරයෙන් හැසිරුණු බව රෝහල් ප්‍රකාශකයකු කීවේය.

මෙම පොලිස් නිලධාරියා අනතුරට ලක්ව රෝහලට ගෙනවිත් ඇත්තේ පොලිස් නිල ඇඳුමෙන් සිටිය දී ය. නමුත් ඔහු කෙලින් සිටිය නොහැකි තරමට ම බීමත්ව සිටියේය. කෑ කෝ ගසමින් සිටි ඔහුට මුඛ ආවරණය පැළඳ ගන්න යැයි රෝහල් සේවකයන් පැවසූ වට ඔවුන්ට පවා බැන වැදී ඇත.

ඔහුගේ සිරුරට සිදුව ඇති හානිය පරීක්ෂා කිරීම සඳහා X-Ray ගැනීමට අවශ්‍ය වුව ද ඔහු එය ද ප්‍රතික්ෂේප කළ බැවින් ඊයේ රාත්‍රිය පුරාම එම උත්සාහයන් සාර්ථක වී නැත.

මේ වනවිට කරාපිටිය හදිසි ප්‍රතිකාර ඒකකයේ 58 වාට්ටුවේ සිටින ඔහුගේ හිසෙහි CT Scan පරීක්ෂණයක් ද කිරීමට නියමිතව ඇති බවයි.  

Related articles

spot_img
error: Content is protected !!