26.9 C
Galle

කබ්රාල් මන්ත්‍රීධූරයන් ඉවත් වී මහබැංකු අධිපතිවීම ස්ථිරයි

Published:

මහ බැංකු අධිපතිධූරය භාර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් තම මන්ත්‍රීධූරයන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත සඳුදා යොමුකිරීමට නියමිත බව පැවසේ. අජිත් නිවාඩ් කබ්රාල් මන්ත්‍රීධූරයෙන් ඉවත්වීමෙන් පසු ලබන 15 වැනි දා හෝ 16 වැනි දා මහ බැංකුවෙ අධිපතිවරයා‍ ලෙස රාජකාරී භාර ගැනීමට නියමිතව තිබේ.

2006 සිට 2015 දක්වා කාලයේ දී ද ඔහු මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළේය. මෙවර ඔහු පත්වන්නේ මහ බැංකුවේ 16 වැනි අධිපතිවරයා වශයෙනි.

මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් ලබන 14 වැනි දා විශ්‍රාම යන බව ප්‍රකාශ කළේය. ඔහු 2019 දෙසැම්බර් 14 වැනි දා සිට මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!