26.9 C
Galle

උත්සව සතියේ මහ මඟ දී මරුවා සමඟ ගිය පිරිස 86ක්

Published:

රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 15 දෙනකු ඊයේ (02) දිනයේ දී මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

ඉන් 12 දෙනකු මියගොස් ඇත්තේ ඊයේ දිනයේ දී සිදුවූ රිය අනතුරුවලින් වන අතර අනෙක් 03 දෙනා පෙර දිනවල සිදුවූ රිය අනතුරුවලින් තුවාල ලබා රෝහල්ගතව සිටිය දී ඊයේ මියගොස් ඇත.

ජනවාරි 01 වැනි දා දිනය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 18 දෙනකු මියගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරා කියා සිටියේය.

දෙසැම්බර් 25 වැනි දින සිට ඊයේ (2) දක්වා සිදු වු  සමස්ථ රිය අනතුරු වලින් පුද්ගලයන් 86  දෙනෙකු මියගොස් ඇකි බවද පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!