31.6 C
Galle

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

Published:

සිය මිතුරන් පිරිසක් සමඟ බීමත්ව වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට බලහත්කාරයෙන් ඇතුළු වූ බව චෝදනා එල්ල වූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත් අද (15) සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේය.

එම සිදුවීමේ වගකීම තමන් භාරගන්නා බව සඳහන් කරමින් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබේ. ලොහාන් රත්වත්තේගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ලොහාන් රත්වත්තේ මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධූරය ද හෙබ වූ අතර ඔහු තවදුරටත් එම රාජ්‍ය අමාත්‍යධූරයේ රැඳී සිටියි.

Related articles

spot_img
error: Content is protected !!