31.6 C
Galle

වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙක් මරුට

Published:

වීරකැටියේ ගජනායකගම සිදුවූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි ළමයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (19) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් ඇති වූ ගැටුමක් අතරතුර වෙඩි තැබීම සිදුව ඇති අතර පොලිසිය පවසන්නේ වෙඩි තැබූ පුද්ගලයා මෙතෙක් අනාවරණය වී නැති බවයි.

බරපතළ තුවාල ලබා වීරකැටිය රෝහලට ඇතුළත් කර දරුවා පසුව තංගල්ල රෝහලට ඇතුළත් කර ඇත. පොලිසිය පවසන්නේ තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගිය බවයි.

Related articles

spot_img
error: Content is protected !!