27 C
Galle

නොරොච්චෝල බලාගාරයට ගල්අඟුරු ගෙන ගිය ඉන්දීය බත්තලක් අනතුරට ලක්වෙයි

Published:

නොරෝච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු ගෙන යමින් තිබූ බත්තලක් සුළඟට සුව ඉලන්තඩිය වෙරළ ආසන්නයට ගසාගෙන ගොස් ඇතැයි පොලිය පවසයි.

මේ බත්තල ඉන්දියාටව අයිති එකකි. ගල් අඟුරු ගෙන ආ නැවක සිට බත්තල මගින් බලාගාරය වෙත ගල් අඟුරු ගෙනයමින් තිබී ඇත. මුහුදේ පැවැති අධික සුළං තත්වය හේතුවෙන් අද අළුයම මේ අනතුර සිදුව ඇති බව නොරොච්චෝලේ පොලිසිය පවසයි.

බත්තල ඇලවී ගිලී යාමේ අනතුර ‍හේතුවෙන් ධීවරයන් පිරිසක් එක්ව එහි සිටි ඉන්දීය කාර්ය මණ්ඩලයේ 08 දෙනා බේරාගෙන ඇත.

වෙනත් යාත්‍රාවක් යොදා ගනිමින් මේ බත්තල නැවත නොරොච්චෝල බලාගාරයේ ජැටිය වෙත රැගෙන යාමට කටයුතු කරන බව ද පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!