30.5 C
Galle

යතුරුපැදි අනතුරකින් යුවළක් මරුට

Published:

බණ්ඩාරගම, වැල්මිල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයකු සහ තරුණියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්‍ේත බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි තරුණයකු සහ මහනුවර පදිංචි 19 හැවිරිදි තරුණියකි.

මෙම අනතුර අද (02) අළුයම 4.30ට පමණ සිදුව ඇත.

යතුරුපැදිය මාර්ගයේ ආරක්ෂිත වැටක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර පොලිසිය පවසන්නේ අධික වේගයෙන් පැමිණ එම වේගය පාලනය කරගත නොහැකිව මේ අනතුර සිදුවන්නට ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!