30 C
Galle

බඹරු ඇනීමෙන් කාන්තාවන් පිරිසක් රෝහල්ගත කරයි

Published:

බඹරු ඇනීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවන් 14 දෙනකු අද (29) දහවල් රෝහල්ගත කළ බව හපුතලේ පොලිසිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ හපුතලේ, තොටලාගල වත්තේ තේ දළු කඩමින් සිටි කාන්තාවන් පිරිසකි. අසළ ගසක තිබූ බඹරවද කිහිපයක බඹරු කිසියම් හේතු‍වක් නිසා ඇවිස්සී ඔවුන්ට ඇන ඇත.

හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ කාන්තාවන් 14 දෙනාගෙන් දෙදෙනකුගේ තත්වය තරමක් බරපතල බැවින් ඔවුන් දෙදෙනා දියතලාව මූලික රෝහලට මාරුකර යවා ඇත.

Related articles

spot_img
error: Content is protected !!