28.3 C
Galle

රාජ්‍ය ආයතනවලින් රජයට කෝටි 10,500ක බදු පොල්ලක්. ගෙවා ඇත්තේ කෝටි 442යි

Published:

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ ආයතනවලින් පසුගිය වසරේ දී රුපියල් කොට් 10,500ක හිඟ බදු මුදල් ප්‍රමාණයක් අයකරගත යුතුව තිබුණ ද අයකරගෙන ඇත්තේ රුපියල් කෝටි 442ක් පමණි.

මේ බව දැක්වෙන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාවේය. එම වාර්තාව එම කාරක සභාවේ සභාපති තිස්ස විතාරණ විසින් ඊයේ (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

රාජ්‍ය ආයතන 16ක විමර්ශන පිළිබඳ තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලෙජසි පද්ධතියට අනුව 2021 මාර්තු 30 වැනි දා වනවිට හඳුනාගත් ආයතනවලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතුව තිබූ හිඟ බදු ප්‍රමාණය රුපියල් කෝටි 1,800කි. නමුත් මුදල් වශයෙන් අයකරගනෙ ඇත්තේ රුපියල් කෝටි 42ක් පමණි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රමිස් පද්ධතියට අනුව මෙම වර්ෂයේ මාර්තු 21 දිනට පැවැති හිඟ බඳු ප්‍රමාණය රුපියල් කෝටි   8,700 කි. මෙම ප්‍රමාණයෙන් මුදලින් අයකර ගෙන තිබුණේ රුපියල් කෝටි  400  ක් පමණක් බවද වාර්තාවේ සඳහන් වේ. ඒ අුනව අය වූ සම්පූර්ණ මුදල වන්නේ රුපියල් කෝටි 442කි.

Related articles

spot_img
error: Content is protected !!