29 C
Galle

සහකාර පොලිස් අධිකාරීවරු 225ක් පත්කරති

Published:

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 225 දෙනකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් වීම සඳහා සුදුසුකම් සපුරා සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 500ක පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමෙන් අනතුරුව මෙම නිලධාරන් 225 දෙනා තෝරාගෙන ඇත. ඔවුන්ගේ පත්වීම් රාජ්‍ය සේවා කොමිසමෙන් ද අනුමත කර තිබේ.

පොලිසිය පවසන්නේ වසර 05කට වැඩි කාලයක් නොලැබී තිබූ උසස් වීම් මෙලෙස ලබාදුන් බවයි. මෙම උසස්වීම් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.

Related articles

spot_img
error: Content is protected !!