29.4 C
Galle

ගෑස් 2050.00 ට කහට කෝප්පය 25.00ට නගී ?

Published:

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක පාලන මිල ඉවත්කිරීමට රජය තීරණය කිරීම හේතුවෙන් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2050.00 දක්වාත්,  බනිස්ගෙඩියක් රුපියල් 50.00 දක්වාත් කහට කෝප්පයක් රුපියල් 25.00ක් දක්වාත් ඉහළ යනු ඇතැයි වාර්තා වේ.

කිරිපිටි කිලෝ ග්‍රෑම් එකක පැකට්ටුවක් රුපියල් 1195.00 දක්වාත් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 480.00 දක්වාත් ඉහළ දමා තිබේ

වෙළෙඳ ව්‍යාපාරිකයන් පවසන්නේ මෙලෙස සියළුම නිෂ්පාදනවල මිල 20%කින් ඉහළ යනු ඇති බවයි. ඒ අනුව කිරි තේ කෝප්පයක් රුපියල් 60.00 දක්වාත්, රෝස් පාන් එකක් රුපියල් 30.00 දක්වාත් මිල ඉහළ යනු ඇත.

මිට අමතරව පාන් මිල ද ලබන සතියේ ඉහළ දැමීමට සිදුවන බව බේකරි හිමියෝ පවසති.

Related articles

spot_img
error: Content is protected !!