29.4 C
Galle

පාසල් විවෘත කළත් විදුහල්පතිවරු නෑ

Published:

පාසල් විවෘත කිරීම මේ මස 21 වැනි දා සිදුකළ ද තමන් සේවයට වාර්තා නොකරන බව ලංකා විදුහල්පති සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුවට මෙතෙක් සාර්ථක විසඳුමක් ලැබී නැති බැවින් මේ තිරණය ගත් බව ලංකා විදුහ්ලපති සංගමය පවසයි.

එහි ලේකම් පියසිරි ප්‍රනාන්දුගේ අත්සනින් එම ස්ථාවරය පැහැදිළි කරමින් අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම්වරයාට ලිපියක් යොමුකර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජාතික පාසල් හා පළාත් සභා පාසල්වල සේවය කරන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති සහ සහකාර විදුහල්පතිවරු ද මේ ස්ථාවරයේ ම සිටින බවයි.

Related articles

spot_img
error: Content is protected !!