26.9 C
Galle

“කොරෝනා අලුත්ම රැල්ල පාලනය කිරීමට බෑ” – චීන අනතුරු ඇඟවීමක්

Published:

චීනයෙන් ආරම්භ වී ඇති කොරෝනා නව රැල්ල පාලනය කිරීම අසීරු බව චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

චීනයේ එන්නත්කරණය පවා සාර්ථකව සිදුකර තිබුණ ද ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මේ වනවිට චීනයේ පළාත් 31න් 19ක් පුරා පැතිරයමින් පවතින බව ඔවුහු කියති.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් ආරම්භයේ දී අවබෝධයක් නොතිබූ බැවින් එය ලෝකය පුරාම වේගයෙන් පැතිරගියේය. ඉන් පසු විවිධ රටවල දී වරින් වර විකෘති වෙමින් නව ප්‍රභේද බිහි වූ අතර ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ද එවැන්නකි.

චීන සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ වෙනත් රටක දී විකෘති වී යළි චීනයට පැමිණ ඇති ඩෙල්ටා ප්ලස් කොරෝනා ප්‍රභේදය පාලනය කිරීම අතිශය අසීරු බවයි.

Related articles

spot_img
error: Content is protected !!