26.9 C
Galle

චීන පොහොර නැව කළුතර මුහුදේ නැංගුරම් දමයි

Published:

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අංශ විසින් ප්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය සහිත Hippo Spirit නමැති චීන නෞකාව මේ වනවිට කළුත බේරුවල මුහුද ආසන්නයේ නැංගුරම් දා තිබේ. ඒ බව Marine Traffic වෙබ් අඩවියෙන් තහවුරු වෙයි.

කොළඹ වරාය බලධාරීන් පවසන්නේ එම නැව කොළඹ වරායට පැමිණෙන බවට කිසිදු දැනුම් දීමක් මෙතෙක් සිදුකර නැති බවයි. යම් අවස්ථාවක දී අවශ්‍ය සේවාවන් ලබාගැනීමට කොළඹ වරායට පැමිණීමට ඉඩ ඇතත් එසේ පැමිණිය ද කාබනික පොහොරෙ තොගය ගොඩබෑමට ඉඩක් නොමැති බව ද හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා පවසයි.

Related articles

spot_img
error: Content is protected !!