26.5 C
Galle

“ඖෂධ සමාගමෙන් හමුවුණේ වසූරිය වයිරසය නොවේ” යැයි බලධාරීන් කියයි

Published:

ඇමෙරිකාවේ ෆිලඩෙල්පියා පිහිටි මාර්ක් නමැති ඖෂධ නිෂ්පාදන රසායනාගාරයේ අධිශීතකරණයක තිබී හමුවූ වසූරිය ලෙස නම් කර තිබූ කුප්පිවල තිබුණේ  වසූරිය එන්නත සඳහා භාවිතා කළ වයිරසය බවත් වසූරිය ඇතිකරන ‍වයිරසය නොවන බවත් සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කරයි.

එය වැරදි ලෙස නම්කර තිබීමෙන් ආන්දෝලනයක් ඇති වූ බව ෆෙඩරල් සෞඛ්‍ය අංශ පවසයි.

එම රසායනාගාරයේ තීබි කුප්පි 15ක් හමු වූ අතර ඉන් පහක් වසූරිය ලෙසත් අනෙක් 10 එන්නත් ලෙසත් ලේබල් කර තිබිණි.

එම කුප්පි අධිශීතකරණයේ තිබුණේ කවර හේතුවක් නිසා දැයි මෙතෙක් පැහැදිලි නැත.

Related articles

spot_img
error: Content is protected !!